Sineth News
සිනෙත් නිවුස්
සිනෙත් රෝහල
11 April 2026

ඉන්ධන සහනය

ඉන්ධන සහනය
අද (අප්‍රේල් 11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අප්‍රේල් 18 වනදා දක්වා පෙට්‍රල් ලබාගැනීම සඳහා QR කේතය ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි. උත්සව සමයේ පවතින අධික ඉන්ධන ඉල්ලුම සලකා බලා ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
​කෙසේ වෙතත්, ඩීසල් සඳහා දැනට පවතින QR සීමාවන් නොවෙනස්ව පවතින බව බලධාරීන් අවධාරණය කරයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ උත්සව සමය සඳහා අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොග මේ වන විට දිවයින පුරා පිරවුම්හල් වෙත නිකුත් කර ඇති බැවින් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසයි.