Sineth News
සිනෙත් නිවුස්
සිනෙත් රෝහල
11 April 2026

ගල්අඟුරු ගනුදෙනු ගැන පරීක්ෂණයක්

ගල්අඟුරු ගනුදෙනු ගැන පරීක්ෂණයක්
වසර ගණනාවක් පුරා සිදු වූ ගල්අඟුරු ආනයන ගනුදෙනුවලදී සිදුව ඇති බවට සැකකෙරෙන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස ජනාධිපති ලේකම් නන්දික සනත් කුමාරනායක මහතා අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් දැනුම් දී තිබේ. මීට අදාළව ලංකා ගල්අඟුරු සමාගමේ (Lanka Coal Company) කාර්යාලයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇති අතර, එහි ලිපිගොනු පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ වී ඇත.
​පසුගිය කාලසීමාව තුළ විගණන වාර්තාවලින් හෙළි වූ කරුණු සහ පාර්ලිමේන්තුවේදී මතු වූ චෝදනා පදනම් කර ගනිමින් මෙම විමර්ශනය මෙහෙයවේ. මෙම ගනුදෙනුවලට සම්බන්ධ ඕනෑම නිලධාරියෙකු හෝ දේශපාලනඥයෙකු තරාතිරම නොබලා නීතිය හමුවට පමුණුවන බව රජය අවධාරණය කරයි.
සම්බන්ධ පුවත්
11 Apr 2026