Sineth News
Sineth News
Sineth Hospitals
12 April 2026

අධිවේගී මාර්ගවල වාර්තාගත ආදායමක් Sinhala Only

අධිවේගී මාර්ගවල වාර්තාගත ආදායමක්

This article is only available in Sinhala. You may translate it via Google Translate using the button below.

Translate to English
මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) පවසන පරිදි, ඊයේ දිනය තුළ අධිවේගී මාර්ග භාවිතා කළ වාහන සංඛ්‍යාව 350,000 සීමාව ඉක්මවා ගොස් ඇත. මෙයින් ලැබුණු මුළු ආදායම රුපියල් මිලියන 40 කට අධිකය. විශේෂයෙන්ම කඩවත, කොට්ටාව සහ මාතර අන්තර් හුවමාරුවලදී දැඩි රථවාහන තදබදයක් පැවතිණි.
​උත්සව සමයේ අධිවේගී මාර්ගවල ආරක්ෂාව සහ රථවාහන පාලනය සඳහා අතිරේක පොලිස් කණ්ඩායම් යොදවා ඇති අතර, හදිසි අනතුරු වළක්වා ගැනීමට රියදුරන් වගකීමෙන් යුතුව රිය පදවන ලෙස RDA නිලධාරීන් ඉල්ලා සිටියි.