ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන ක්‍රියාකාරීන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් පැවැත්වෙන දීර්ඝ අධිකරණ විමර්ශනයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාක්ෂි ලබා දී ඇත.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිටියදී රාජපක්ෂ මහතා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දුන්නේය.
ලලිත් සහ කුගන් 2011 දෙසැම්බර් 9 වැනිදා යාපනයේදී අතුරුදහන් වූහ.
වැඩිදුර සාක්ෂි සටහන් කිරීම නොවැම්බර් 27 වැනිදාට නියම කර ඇත.
රාජපක්ෂ මහතා මෙම විමර්ශනයේදී පෙනී සිටියේ සැකකරුවෙකු හෝ චූදිතයෙකු ලෙස නොව සාක්ෂිකරුවෙකු ලෙසය.
සාක්ෂිකරුවෙකුගෙන් අසන ප්‍රශ්න සහ ඔහු ලබා දෙන පිළිතුරු ඒවා පමණින් අධිකරණ තීන්දු නොවේ.