නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ සහ බත්තරමුල්ල ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවා ඇති අතර, 2026 සැප්තැම්බර් 5 රාත්‍රී 11.30 දක්වා මෙම ජල සැපයුම් අත්හිටුවීම පවතින බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
මණ්ඩලයට අනුව, බත්තරමුල්ල දියත උයන ආසන්නයේ පිහිටි අඹතලේ–දෙහිවල ජල සම්ප්‍රේෂණ නළයේ නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇත.
නඩත්තු කටයුතු සිදුවන කාලය තුළ අවශ්‍ය ජල පහසුකම් සලසා ගන්නා ලෙස මණ්ඩලය අදාළ ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටී.
වැඩිදුර තොරතුරු සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ 1939 කෙටි අංකය ඇමතිය හැක.
මෙය සැප්තැම්බර් 3 සහ 4 දිනවල කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට බලපෑ පැය 24ක ජල කප්පාදුවට අදාළ සිදුවීම නොව, වෙනම නඩත්තු කටයුත්තකට අදාළ නව ජල සැපයුම් අත්හිටුවීමකි.