කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ලකුණු 72ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවිය.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 183ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 111කට දැවී ගියේය.
ඒ අනුව ඉන්දියාව ලකුණු 72ක ජයක් සමග කාන්තා ආසියානු කුසලානය දිනා ගත්තේය.
2024 තරගාවලියේ ශූරියන් වූ ශ්‍රී ලංකාව මෙවර තරගාවලිය අවසන් කළේ අනුශූරියන් ලෙසය.